27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය කිරිපිටි මිල අද සිට පහළට

දේශීය කිරිපිටි මිල අද සිට පහළට

දේශීය කිරිපිටි මිල අද (03) දිනයේ සිට පහළ දැමීමට පියවර ගෙන ඇති බව දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

පාරිභෝගික අධිකාරියේ දැනුම්දීමකට අනුව ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙලෙස මිල පහත දමන බවයි එම සංගමය සඳහන් කළේ.

ඒ,අනුව දේශීය කිරිපිටිවල නව මිල ගණන් පසුව දැනුම් දෙන බවයි දේශීය කිරිපිටි නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල ද පසුගිය පළමු වනදා සිට අඩු කිරීමට පියවරගෙන තිබුණා.

ඒ, අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩු කරනු ලැබුවා.