29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිග්මැච් අනතුරෙන් ජීවිතක්ෂයට පත් සිසුන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

බිග්මැච් අනතුරෙන් ජීවිතක්ෂයට පත් සිසුන් දෙදෙනාගේ අවසන් කටයුතු අද

පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයක් අතරතුර පැවති රථ පෙළපාලියකදී කැබ් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් මියගිය බදුල්ල ධර්මදූත විදුහලේ සිසුන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03) සිදු කිරීමට නියමිතයි.

මේ වනවිට එම සිසුන් දෙදෙනාගේ දේහයන් බදුල්ල සහ හැලිඇල පිහිටි ඔවුන්ගේ නිවෙස්වල තැන්පත්කර තිබෙනවා.

බදුල්ල ඌව විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත මහ විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ දී ධර්මදූත විද්‍යාලය විසින් රථ පෙළපාලියක් සංවිධානය කර තිබුනේ පෙරේදා (01) දිනයේයි.

එහිදී රථ පෙළපාලිය සඳහා සහභාගී වූ කැබ් රථයක් බදුල්ල නව ක්‍රීඩාංගණයේ දී පෙරළීයාමෙන් දරුණු අනතුරක් සිදු වුණා.

මෙම අනතුරෙන් එම පාසලේ උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහා රෝහල වෙත ඇතුළත් කෙරුණා.

මියගිය සිසුන් දෙදෙනාගේ අවසන් කටයුතු බදුල්ල හේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි බදුල්ල පොදු සුසාන භූමියේදි අද (03) පස්වරුවේ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.