29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldසෞදි අරාබියේ බොරතෙල් නිෂ්පාදනය අඩු කිරීමට තීරණයක්

සෞදි අරාබියේ බොරතෙල් නිෂ්පාදනය අඩු කිරීමට තීරණයක්

තෙල් අපනයනය කරන අරාබි රටවල බොරතෙල් මිල තීරණය කරනු ලබන්නේ ඔපෙක් සංවිධානය හරහාය.

එමෙන්ම මෙම සංවිධානය විසින් එම රටවල් නිෂ්පාදනය කරනු ලබන ලිහිසි තෙල් ප්‍රමාණයද තීරණය කරනු ලබයි.

ඒ අනුව ඔපෙක් සංවිධානය නිවේදනය කර ඇත්තේ ලිහිසි තෙල් නිෂ්පාදනයද අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව විශාලතම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබිය සිය දෛනික තෙල් නිෂ්පාදනය බැරල් ලක්ෂ 5 දක්වා අඩු කරනු ඇත.

ලබන මැයි මාසයේ සිට මේ වසර අවසානය දක්වා දිනකට තෙල් බැරල් ලක්ෂ 5ක් පමණක් නිෂ්පාදනය කරන බව සෞදි අරාබිය නිවේදනය කර තිබේ.

එසේම අනෙකුත් ඔපෙක් රටවල් ද තෙල් නිෂ්පාදනය අඩු කිරීමට එකඟ වී ඇත.