28.9 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඋද්ඝෝෂණ කරන්නන්ට අනිවාර්යෙන්ම රිටර්න් එක දෙනවා - රෝහිත

උද්ඝෝෂණ කරන්නන්ට අනිවාර්යෙන්ම රිටර්න් එක දෙනවා – රෝහිත

හැමදාම උද්ඝෝෂණ කිරීමට ඉඩ දිය නොහැකි බවත් එසේ උද්ඝෝෂණ කරන්නන්ට ගැසීමට ඇති තරම් කදුළු ගෑස් ඇති බවත් බේරේ වැවේ වතුර ඇති බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ උද්ඝෝෂණ කරන්නන්ට අනිවාර්යෙන්ම රිටර්න් එක දෙන බවයි.

රටේ ඕනේ තරම් වතුර තියෙනවා. ගෙනාපු කඳුළු ගෑසුත් තියෙනවා. මේ සෙල්ලම හැමදාම කරන්න බෑනේ. උද්ඝෝෂණ කරන්න ඇවිල්ලා පොලිස් නිලධාරීන්ගේ හොම්බට ඇන ඇන මේක කැලෑ නීතියක් වෙනවනේ. ඒ නිසා මම නම් කියන්නේ මේ දිනවල වහිනවා, ගංගා, ඇළදොළ පිරිලා තියෙනවා. කඳුළු ගෑස් කාලා කඳුළු එද්දි අර වතුර පාවිච්චි කරලා නාන්න පුළුවන්. අනිවාරෙන් රිටට්න් එක දෙනවා. නැතිනම් මේක හැමදාම කරන්න බෑ.