― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldවෙනත් අයෙකු හා විවාහ වූ පෙම්වතියට පෙම්වතාගෙන් අපූරු තෑග්ගක්

වෙනත් අයෙකු හා විවාහ වූ පෙම්වතියට පෙම්වතාගෙන් අපූරු තෑග්ගක්

කාලයක් තිස්සේ පෙමින් වෙලී සිටි තම පෙම්වතිය වෙනත් අයෙකු සමග යුග දිවියට පාතැබූ මොහොතේම ඇය ඝාතනය කිරීමට පළමු පෙම්වතා ගත් උත්සාහය අසාර්ථක වී ගිය පුවතක් මධ්‍යම ඉංදියාවේ චට්ටිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් මනමාල මහතා සහ ඔහුගේ සහෝදරයා එම පළමු පෙම්වතාගේ වියරුවට ගොදුරු වූ අතර තවත් 4 දෙනෙක් තුවාල ලැබු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තම පෙම්වතිය අහිමි වීමෙන් වියරු වැටුණු මුල් පෙම්වතා ඇය විවාහ දිවියට ඇතුලත් වූ දිනයේ නව යුවළට සුබපතා මංගල තෑග්ගක් ඒවා තිබුණා. එය ආවරණය කරන ලද හතරැස් පෙට්ටියක් වූ අතර එහි ආවරණ පත්‍රය ඉවත් කළ පසු ත්‍යාගය බහාලු පෙට්ටියේ සඳහන් වී තිබුනේ ‘හෝම් තියටර්’ කට්ටලයක් එහි තිබෙන බවයි.

මනමාලිය ඒ අසළ නොසිටි නමුත් ත්‍යාගය එම අවස්ථාවේදීම විවෘත කර බැලීමට රැස්ව සිටි සැවොමත් මනමාල මහතාත් මහත් උනන්දුවකින් පසුවුණා. පසුව ත්‍යාගය බහාලු පෙට්ටිය මනමාල මහතා විසින් විවර කර එහි තිබූ හෝම් තියටර් කට්ටලය පිටතට ගෙන එය විදුලියට සම්බන්ධ කළ සැණින් මහා හඬක් නගමින් එය පුපුරා ගියා.

පිපිරීමෙන් මනාල මහතාත් ඔහුගේ සහෝදරයත් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උත්සවයේ සිටි පිරිස් පොලිසිය දැනුවත් කර සුළු වෙලාවකින් නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කළ අතර පොලිසිය පැවසුවේ එම ත්‍යාගය වටා බෝම්බයක් අටවා තිබු බවයි.

සිද්ධියෙන් පසු පැය කිහිපයකින් එම තෑගි පෙට්ටිය එවා තිබූ පෙම්වතා අත්අඩංගුවට ගැනුණු අතර ඔහු තම සැලැස්ම පාපොච්චාරණය කර තිබුණා. තම පෙම්වතිය වෙනත් කෙනෙකු හා අතිනත ගැනීම ගැන වෛරයෙන් පසුවූ තමන් ඇයගෙන් පළි ගැනීමට මෙම සැලැස්ම ක්‍රියාත්මක කල බවයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.