28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන හිඟයක් ගැන රතු එළියක්

ඉන්ධන හිඟයක් ගැන රතු එළියක්

ඉදිරි දින කිහිපයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු අඟවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු සහ ප්‍රාදේශීය කළමනාකරුවන් චෙක්පත්වලට ඉන්ධන ඇණවුම් ලබාදෙන බවට පවසා තිබියදී, එහි මූල්‍ය අංශයේ ප්‍රධානියකු මුදල්වලට පමණක් ඉන්ධන ඇණවුම් ලබා දෙන බවට ප්‍රකාශ කිරීම ඊට හේතුව වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (05) පිරවුම්හල් රැසකට ඇණවුම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පැවසුවේ.

ඉන්ධන කෝටාව වැඩි කිරීමත් සමග ජනතාව අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමට පැමිණියද ඉන්ධන සැපයුම අඩාල වන ලකුණු පෙනෙන්නට ඇති බවටයි එම සංගමය රතු එළි දල්වන්නේ.