― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeWorldබැරැක් ඔබාමාගේ දියණිය ළඟදීම සිනමා ක්ෂේත්‍රයට

බැරැක් ඔබාමාගේ දියණිය ළඟදීම සිනමා ක්ෂේත්‍රයට

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ වැඩිමහල් දියණිය වන මලියා ඔබාමා ළඟදීම සිනමා ක්ෂේත්‍රයට පා තැබීමට නියමිතයි.

ඩොනල්ඩ් ග්‍රෝවර් විසින් නිෂ්පාදනය කරන ලද කෙටි චිත්‍රපටයක් මලියා ඔබාමා විසින් නුදුරේදීම අධ්‍යක්ෂණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ග්‍රෝවර් පසුගියදා හෙළි කළේ මලියා ඔබාමා තම නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කිරීමට නියමිත කෙටි චිත්‍රපටයක් සමඟින් අධ්‍යක්ෂණයට පිවිසීමට නියමිත බවයි.

සැලකිය යුතු කරුණක් නම්, ඩොනල්ඩ් ග්‍රෝවර් සහ මලියා ඔබාමා දැනටමත් ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවක් වන Swarm හි එක්ව වැඩ කර ඇත.

මලියා ඔබාමා හාවඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි.