27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල සම්පාදන සේවකයින් වැඩ වර්ජනයක

ජල සම්පාදන සේවකයින් වැඩ වර්ජනයක

ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අප්‍රේල් 04 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙමින් සිටී.

ඒ වෛද්‍ය නිවාඩු නොලබා රාජකාරී කටයුතුවල නිරත වූ දිනවලට අදාළ ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලමිනි.

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල සේවා හා පාරිභෝගික සේවා කිසිවක් ඉටු නොවන බවය.

මේ අතර ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවත් මෙහි වගකීම පාලකයින් භාරගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.