30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅංගොඩ ලොක්කාගේ මිතුරා අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ මිතුරා අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයකු වන අතුරුගිරියේ ජෙරම් නැමැත්තා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස කඩ පේළියක අසළදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ලියාපදිංචි අපරාධකරුවකු බව පොලිසිය පවසනවා.

මෙම සැකකරු ඉකුත් මාර්තු 25 වැනිදා හෝමාගම ගාල් කර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ද පුද්ගලයෙකු බව පවසන පොලිසිය අතුරුගිරිය පොලිස් ස්ථානයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාල වරෙන්තුකරුවෙකු බවත් පැවසුවා.