25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමස් පිණිස ගවයින් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

මස් පිණිස ගවයින් ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව මස් පිණිස හිංසාකාරි ලෙස ගවයන් තිදෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ලොරි රථය සමග අද (06) අලුයම නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අඹේවෙල ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපොලකින් සැකකරු විසින් ගවයන් තිදෙනා මිලදී ගෙන නානුඔය නගරයේ පිහිටි ගව ඝාතකාගාරය වෙත ප්‍රවාහනය කරමින් සිටියදීයි මෙලෙස ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ලොරි රථයේ ප්‍රවාහනය කරමින් සිටි ගවයන් තිදෙනාට සැකකරු විසින් පහර දී සතුන්ගේ පාද කඩා දමා ඇති බවත්, එම ලොරි රථය තුළ ගවයන් තිදෙනෙකු ප්‍රවාහනය කිරීමට තරම් ඉඩ ප්‍රමාණවත් නොවන බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු, ගවයන් තිදෙනා සහ ලොරි රථය නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකය.