― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදින් පසු කළුබෝවිල රෝහලට නාඳුනන මළ සිරුරු බෑ

අදින් පසු කළුබෝවිල රෝහලට නාඳුනන මළ සිරුරු බෑ

කළුබෝවිල ශික්ෂණ රෝහලට පොලීසිය විසින් ගෙන එනු ලබන නාඳුනන මළ සිරුරු අද (06) සිට භාර නොගන්නා බව රෝහල් බලධාරින් පවසති.

රෝහල් මෘත ශරීරාගාරයේ ධාරිතාව ඉක්මවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.

සාමාන්‍යයෙන් මෘත ශරීරාගාරයේ මළ සිරුරු 36ක් තැන්පත් කළ හැකි අතර ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාශවල පිහිටි සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ රෝහලට පිටින් ගෙන එනු ලබන මළ සිරුරු අද සිට භාර නොගන්නා බවයි.