31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අහිමි වෙයිද?

ශ්‍රී ලංකාවට එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අහිමි වෙයිද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් ඇති වූ පාරිසරික හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 6.4 ක වන්දි ලබාගැනීම සඳා නඩුව ගොනු කරනු ලබන්නේ කුන රටේද යන්න තවමත් නිශ්චිතව තීරණය කර නොමැති නිසා එම වන්දි මුදල ලබාගැනීමේ අවදානමක් මතුව ඇති බව පාරිසරික යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

ඔවුන් චෝදනා කරන්නේ අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි පියවරක් නොගැනීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

2021 මැයි මාසයේදී මීගමුව නොගැඹුරු මුහුදේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වූ අතර මේ නිසා අවට වෙරළ තීරයට සහ පරිසර පද්ධතියට විශාල හානියක් සිදු විය.

පරිසර යුක්ති කේන්ද්‍රය චෝදනා කළේ පරිසර හානියට වන්දි ලබාගැනීමට බලධාරීන් නිසි පියවර නොගත් බවයි.