28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධික රස්නය නිසා අව්වට නිරාවරණය නොවන්නැයි උපදෙස්

අධික රස්නය නිසා අව්වට නිරාවරණය නොවන්නැයි උපදෙස්

අද දහවල් 12.13ට කොරලවැල්ල, ඉංගිරිය, කිරිඇල්ල, ඇඹුල්දෙනිය, හල්දුම්මුල්ල, රත්මල්වෙහෙර, වරදෙනියාව ප්‍රදේශවලට ඉර මුදුන්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දහවල් කාලයේ අව්වට නිරාවරණය වීම අවම කරන ලෙසටයි එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ.

නමුත් තවත් පළාත් කිහිපයකට සවස සහ රාත්‍රියේ වැසි පතිත වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද වැසි පතිත වියහැකි පළාත් ලෙස එම දෙපාර්තමේන්තුව දක්වන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැදයි.

සුළං සහ අකුණු අනතුරු අවම කරගැනීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් මහජනතාවට දැනුම් දෙනවා.