31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල්පිටියේ වත්තක වළ දමා තිබූ මළ සිරුර ගැන තොරතුරු එළියට

ඇල්පිටියේ වත්තක වළ දමා තිබූ මළ සිරුර ගැන තොරතුරු එළියට

ඇල්පිටිය, දිවිතුර ප්‍රදේශයේ වත්තක වළ දමා තිබිය දී අද (07) සොයාගත් මළ සිරුර මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි 21 හැවිරිදි තරුණයාගේ බවට අනාවරණය වී තිබෙනවා.

මෙලෙස සොයාගනු ලැබුවේ ඇල්පිටිය, ඇත්කඳුර, දිවිතුරවත්ත, නිවාස 20 ලිපිනයේ පදිංචිව සිටි සරත් කුමාර නැමැති තරුණයාගේ මළ සිරුර බවයි පොලිසිය පැවසුවේ.

මිතුරන් පිරිසක් සමඟ ගොස් දින දෙකක සිට අතරුදන්ව සිටි මෙම තරුණයා පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

මෙම තරුණයා සමඟ ගොස් ඇති බව කියන ඔහුගේ හොඳම මිතුරා ද මේ වනවිට අතුරුදන්ව ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිතව ඇති බවයි වාර්තා වුණේ.

මිතුරාගේ නිවසේ තිබී මියගොස් සිටින තරුණයාගේ යතුරුපැදිය ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර මළ සිරුර වළ දමා තිබූ ස්ථානයේ තිබී මියගිය තරුණයාගේ මුදල් පසුම්බිය ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර, සිරුර ඇල්පිටිය රෝහල වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසටයි නියෝග කර ඇත්තේ.

මෙලෙස සොයාගත් තරුණයාගේ මළ සිරුර, ඝාතනය සිදුකිරීමෙන් පසු වළ දමන්නට ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.