25.6 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිග් මැච් එකට කොඩි දාන්න ගිය සිසුවාගේ ඇඟට කොඩි කණුවක් වැටෙයි -...

බිග් මැච් එකට කොඩි දාන්න ගිය සිසුවාගේ ඇඟට කොඩි කණුවක් වැටෙයි – සිසුවාට බරපතල තුවාල

වාර්ෂික පාසල් ක්‍රිකට් තරගය වෙනුවෙන් ධජ එල්ලීමට ගිය පාසල් සිසුවෙකුගේ ශරීරය මතට විශාල ප්‍රමාණයේ කොඩි කණුවක් වැටී බරපතල තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස ජාතික පාසල අතර, ලබන 21 සහ 22 වනදා පැවැත්වීමට නියමිත වාර්ෂික ක්‍රිකට් තරගයට කළුතර විද්‍යාලය ඉදිරිපිට විදුහල් ධජය එල්ලීමට යාමේ දී මෙම සිසුවා අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරට ලක්වූ සිසුවා රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ දකුණ කකුලේ දණහිසෙන් පහළ කොටසට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, වම් අතට ද තුවාල සිදුව තිබෙනවා.

කළුතර දකුණ මූලස්ථාන පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.