26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකොණ්ඩය කොටට කැපුවැයි පාසල් සිසුවෙක් දිවියට සමුදෙයි

කොණ්ඩය කොටට කැපුවැයි පාසල් සිසුවෙක් දිවියට සමුදෙයි

තම කොණ්ඩය කැපීම නිසා කෝපයට පත් පාසල් සිසුවෙකු මහල් නිවාසයක ඉහළ මහලෙන් පැන සියදිවි හානි කරගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි ඉන්දීය පොලිසිය පැවසුවේ.

මෙම පිරිමි ළමයාගේ ඥාතියෙකු විසින් ඔහුව සැලූනයකට කැඳවාගෙන ගොස් ඔහුගේ කොණ්ඩය කොටට කපා දමා තිබෙනවා.

එහිදී කෝපයට සහ සිත් තැවුලට පත් මෙම සිසුවා පසුගිය අඟහරුවාදා රාත්‍රී 11.30ට පමණ ඔවුන් පදිංචිව සිටි භයන්දර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ 16 වැනි මහලේ නාන කාමරයේ ජනේලයෙන් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවා ලේ විලක් මැද වැටී සිටියදී හමුව ඇති අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නවගාර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.