26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරෝච්චෝලෙට මදි නොකියන්න ගල් අඟුරු නැව් එයි

නොරෝච්චෝලෙට මදි නොකියන්න ගල් අඟුරු නැව් එයි

නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන කටයුතු සඳහා මේ වනවිට ගල් අගුරු රැගත් නැව් 23 ක් පැමිණ ඇති බවත් 23 වැනි නැවෙන් මේ දිනවල ගල් අගුරු ගොඩ බාමින් ඇති බවත් බලාගාර කළමණාකාර නාලක විජේකෝන් පවසයි.

මේ වනවිට බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගල් අගුරු සංචිතය තුළ මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ අසු දහසකට ආසන්න ගල් අගුරු තොගයක් ගබඩා වී ඇති බවයි ඔහු අවධාරණය කළේ.

ඒ අනුව මේ වන විට ගල් අගුරු රැගත් නැව් ඉලන්තඩිය මුහුදු සිමාවේ විශාල ලෙස නිරන්තරයෙන් දැක ගත හැකි අතර එසේ පැමිණේන නැව් වලින් දෛනිකව ගල් අගුරු ගොඩ බැම සිදුවන ආකාරය දැක ගත හැකිය.