27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් රටේ ආර්ථිකය ගොඩදැම්මා - රාජිත සේනාරත්න

රනිල් රටේ ආර්ථිකය ගොඩදැම්මා – රාජිත සේනාරත්න

සමගි ජන බලවේගය යෝජනාවක් ගෙන ඒමට අපොහොසත් වුවහොත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහය පළ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසීය.

ඊයේ (06) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කවුරුන් කුමක් කීවත් ජනාධිපති වික්‍රමසිංහ මහතාට සහය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් සූදානම් බවයො ඔහු එහිදී සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමඟ වැඩ කිරීමට කැමති සාමාජිකයින් තමන් සමඟ මැතිවරණයට තරග කිරීමට ඔවුන් තරමක් අකමැත්තෙන් පසුවන බවයි එහිදී රාජිත සේනාරත්න මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

එමෙන්ම ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩදැමූ බවට සියලු දෙනා පිළිගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.