28.4 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණයට ඉල්ලූ රජයේ සේවකයින්ට මූලික වැටුප පමණයි

මැතිවරණයට ඉල්ලූ රජයේ සේවකයින්ට මූලික වැටුප පමණයි

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක විසින් මෙය නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇත.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් රාජ්‍ය නිලධාරීන් වැටුප් රහිතව නිවාඩු ය.

ඔවුන්ට පසුගිය මාර්තු 9 වැනිදා සිට මේ මස 25 වැනිදා දක්වා වැටුප් සහිත නිවාඩුවක් ලෙස මූලික වැටුප ලබාදීමට කටයුතු කළ යුතු බව පවසා තිබේ.