27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඋතුරු කොරියාව තවත් දිය යට න්‍යෂ්ටික අවියක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් දිය යට න්‍යෂ්ටික අවියක් අත්හදා බලයි

තවත් න්‍යෂ්ටික දිය යට ප්‍රහාරක ඩ්‍රෝන යානයක් උතුරු කොරියාව විසින් අත්හදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එය හෙයිල් ටූ ලෙසින් නම් කර ඇති මෙම යානයෙන් දිය යටින් ගොස් නෞකා සහ සබ්මැරීනවලට පහරදීමේ හැකියාව ඇත.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හෙයිල් හෙවත් කොරියානු බසින් සුනාමි ලෙස අරුත් ගැන්වෙන මෙම ප්‍රහාරක අවියෙන් විකිරණශීලී සුනාමියක් නිර්මාණය කළ හැකි බවයි.

මෙම යානය මගින් සිදුකෙරෙන න්‍යෂ්ටික පිපිරීමකින් පසු, සුනාමියක් සේ දසත විහිදී පැතිරී යන ඇසට නොපෙනෙන විකිරණ මගින් පණ ඇති සියලු දේම විනාශ වී යා හැකි ය.