28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම ඉහළට

මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම ඉහළට

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 198.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

එය පෙබරවාරි මාසයේ සංඛ්‍යාලේඛනවලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලර් මිලියන 28ක වැඩිවීමක්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, 2022 වසරේ මාර්තු මාසයේදී සංචාරක පැමිණීම් හරහා ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 161.2ක් පමණයි.

2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 529.8ක ආදායමක් උපයා තිබෙනවා.

මේ අතර, මෙම වසරේ මාර්තු මාසයේ දී සංචාරකයන් 125,495ක් මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේ දී මෙරටට සංචාරක පැමිණීම් 107,639ක් වාර්තා වුණා. 2022 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වී ඇත්තේ සංචාරක පැමිණීම් 106,500ක් පමණයි.

රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය මාර්තු මාසයේදී සංචාරක පැමිණීම් සඳහා ප්‍රධාන මූලාශ්‍ර රටවල් ලෙස පවතිනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ ගතවූ කාලසීමාව තුළ සංචාරකයින් 335,679ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.