28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමනාලයා පැදවූ මඟුල් රථයේ ගැටී කාන්තාවන් දෙදෙනෙක් අවසන් ගමන් යයි

මනාලයා පැදවූ මඟුල් රථයේ ගැටී කාන්තාවන් දෙදෙනෙක් අවසන් ගමන් යයි

විවාහ මංගල්‍යය උත්සවයක පැවැති මඟුල් පෙරහැරක් නරඹමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැවැති මංගල සාදයකින් පසුව පැවැත්වූ මංගල පෙරහැරේදියි.

මනාලයා විසින් මඟුල් රථය පදවාගෙන ගොස් ඇති අතර, මෙම අනතුර සිදුව ඇත්තේ මනාලයාගේ මෝටර් රථය ඔවුන්ගේ මඟුල් පෙරහැර නරඹමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ඇගේ ගැටීමෙනි .

වයස අවුරුදු 60ක් 70ක් වන කාන්තාවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ජිවිතක්ෂයට පත්වූවන් සමිබන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.