28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසෙවිලි තහඩු හොරකම් කළ උගන්ඩාවේ කැබිනට් ඇමතිවරියකට වැඩ වරදී

සෙවිලි තහඩු හොරකම් කළ උගන්ඩාවේ කැබිනට් ඇමතිවරියකට වැඩ වරදී

සෙවිලි තහඩු දහස් ගණනක් සොරකම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් උගන්ඩාවේ කැබිනට් අමාත්‍යවරියකට සිර දඬුවම් නියම වී තිබේ.

උගන්ඩාවේ කරමෝජා පළාතේ ජනතාව නගා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ නොමිලේ බෙදාදීමට දුන් සෙවිලි තහඩු මුදලට අලෙවි කර ඇතැයි ව්‍යාපෘතිය පැවරී තිබූ අමාත්‍යවරිය වන මේරි ගොරෙට්ටි කිටුටූ හට චෝදනා එල්ල වී ඇත.

අගමැති කාර්යාලය යනුවෙන් සඳහන්ව තිබූ සෙවිලි තහඩු තොගයක් අලෙවි කිරීමේ චෝදනා මත ඇමතිවරියගේ ඥාතියෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇයට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සෙවිලි තහඩු සොරකම් කිරීමේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිටුටූ අධිකරණයේදී වරද පිළිගෙන තිබේ.

ඒ අනුව ඇයට අදාළ දඩුවම ලබන ඉරිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.