― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවන අලි ජීවිත බිලි ගනිමින් දුම්රියක් පීලි පනී

වන අලි ජීවිත බිලි ගනිමින් දුම්රියක් පීලි පනී

වන අලි දෙදෙනෙකු ගැටීම හේතුවෙන් පලුගස්වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ රාත්‍රී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්වූ බවයි දුම්රිය පාලක මැදිරිය කියාසිටියේ.

මේ හේතුවෙන් නැගෙනහිර මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. දුම්රියේ ගැටුණු වන අලින් තුන්දෙනා මරණයට පත්ව ඇතැයි ද සඳහන්.

ඊයේ (08) රාත්‍රී 9ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර දුම්රිය පීලිගත කිරීම් අද අලුයම ආරම්භ කෙරුණා. මෙතෙක් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්වී නොමැති බව සඳහන්.