― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldහිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හඳුනාගැනීමට ඉරානය කැමරා සවි කරයි

හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හඳුනාගැනීමට ඉරානය කැමරා සවි කරයි

ඉරාන බලධාරීන් විසින් හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හඳුනාගැනීමට ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම කාන්තාවන්ට පළමුව කෙටි පණිවුඩයක් මගින් අනතුරු ඇගවීමක් සිදුකරනු ලබයි.ඉන් අනතුරුව නීති මගින් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වන්නේ.

මේ වන විටත් ඉරාන කාන්තාවන් හිස් ආවරණ පැලදීමේ නීතිය ඉවත් කරන ලෙසට විරෝධය පාමින් උද්ඝෝෂණ පවත්වමින් සිටිය දී එරට රජය විසින් මෙම කැමරා සවි කිරිමට කටයුතු කර ඇත්තේ.

1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ආගමික නීතියක් ලෙස කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් ආවරණය කිරීම සහ ශරීර හැඩය සැගවෙන සේ දිගු ලිහිල් ඇදුම් ඇදීම අනිවාර්ය කෙරිණ.

මෙම නීතිය උල්ලංඝනය කරන කාන්තාවන්ට ඉරාන පොලිසිය විසින් දඩ ගැසීම හෝ අත්අඩංගුවට ගැනීම සිදු කරයි.