අසල්වැසි ඉන්දියාව ජනගහනය අතින් දෙවැනි වන්නේ බිලියන 1.41ක ජනගහනයකින් යුතු චීනයට පමණයි.එනම් ඉන්දීය ජනගහනය බිලියන 1.408ක ජනගහනයකින් යුතු වනවා.
මේ මාසයේ දෙවැනි අර්ධයේදී චීනය පසුකරමින්, ලොව වැඩිම ජනගහනය ඇති රට බවට ඉන්දියාව පවත්වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරන්නේ.
2011 වසරේ ඉන්දියාවේ ජනගහනය දැක්වුණේ බිලියන 1.21ක් ලෙස පැවති අතර ඒ අනුව ගෙවුණු වසර 12 තුළ ඉන්දියාවේ ජනගහනය මිලියන 210කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඉන්දියාව වසර ගණනාවක් තිස්සේ උපත් පාලනයට යොමුව සිටින අතර ජාතික සඵලතා ප්රතිශතය 2.0ක අගයක පවත්වාගැනීමට සමත්ව තිබේ.