31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

මෙරට ක්‍රෙඩිට් කාඩ් භාවිතය පහළට

2023 වසරේ මුල් මාස දෙක තුළ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් (ණය කාඩ්පත්) භාවිතය පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව තුළ පැවති සමස්ත සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,952,991 ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය 2023 ජනවාරි මාසය අවසන් වන විට 1,942,272 ක් දක්වාත්, 2023 පෙබරවාරි මාසය අවසන් වන විට 1,940,872 ක් දක්වාත් පහළ ගොස් තිබේ.

මෙය පූර්ව මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසය තුළ දී ක්‍රෙඩිට් කාඩ්පත් 10,719 ක සහ 2023 පෙබරවාරි මාසය තුළදී ක්‍රෙඩිට් කාඩ්පත් 1,400 ක අඩු වීමකි.