31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේ රිය අනතුරු නිසා ජීවිත 564ක් බිලිවෙයි

මේ වසරේ රිය අනතුරු නිසා ජීවිත 564ක් බිලිවෙයි

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 08 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරු 534ක් සිදුව ඇති අතර පුද්ගලයින් 564 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

එම කාලය තුළ දී සිදුවූ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලබා 1,345ක් හා සුළු තුවාල ලබා 2,446ක් රෝහල් ගත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය දින පහ තුළ මාරක රිය අනතුරු 21ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයන් 25දෙනෙකු මියගොස් ඇති බව ඔහු අවධාරණය කළේය.