සෙවනගල පොලිස් වසමේ වලවේ ගඟේ දිය නෑමට ගිය දරුවෙක් දියේ ගිලී ඊයේ (09) දහවල් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 12 හැවිරිදි වියේ පසු වූ දරුවෙක් බවයි වාර්තා වන්නේ.
පියෙක් සිය දරුවන් දෙදෙනා සමග ඊයේ (09) දහවල් වලවේ ගගේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම දරුවා දියේ ගිලී අනතුරට පත්වීමෙන් පසු සෙවනගල, දංඩුම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. දරුවා රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
මොවුන් තිදෙනා හබරත්තාවල ප්රදේශයෙන් ගලා බසිනා වලවේ ගඟේ තොටුපොළේ දිය නාමින් සිටිය දී පියා විසින් සිය බාල දරුවා නහවා ගොඩින් තබා ඇති අතර, අනතුරුව 12 හැවිරිදි වැඩිමල් දරුවා නහවා තිබෙනවා.
එම දරුවා නාවමින් සිටින අතරතුර පියාට දරුවාගේ අත අතහැරී දරුවා දියේ ගසාගෙන ගොස් ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
මියගිය දරුවාගේ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සදහා ඇඹිලිපිටිය රෝහල වෙත යොමුකර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.