26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිගණන සේවා කොමිසමේ සාමාජිකයින් දිවුරුම් දෙයි

විගණන සේවා කොමිසමේ සාමාජිකයින් දිවුරුම් දෙයි

විගණන සේවා කොමිෂන් සභාව සඳහා අභිනවයෙන් පත් කරන ලද සාමාජිකන් ඊයේ (09) කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නිල බලයෙන් පත්වන්නේ විගණකාධිපතිවරයායි.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න සහ කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඤාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත යන මහත්ම මහත්මීහු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.