27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් පෝළිමේ තෙරපීමෙන් එක්දරු මවක් ජීවිතක්ෂයට

සහල් පෝළිමේ තෙරපීමෙන් එක්දරු මවක් ජීවිතක්ෂයට

සහල් ලබාගැනීම සඳහා පැමිණි වයෝවෘද්ධ කාන්තාවක් එහි ඇති වූ අධික තෙරපීමක් හේතුවෙන් සිහිසුන්ව ඇඳ වැටීමෙන් අනතිරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

දිළිඳු පවුල් සඳහා රජය මගින් නොමිලේ ලබා දෙන සහල් ලබා ගැනීම සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි කාන්තාවකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

මියගිය කාන්තාව තලාතුඔය, පුස්සතන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි එක්දරු මවක් බව අනාවරණය වී තිබේ. ඇය පෙරේදා (08) පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සිටි අවස්ථාවේදී එතැන සිටි පිරිස් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

එහිදී මෙම කාන්තාව පෝළිමේ සිටියදී ශරීරයේ සීනී මට්ටම අධික ලෙස පහත වැටීම මෙම මරණයට හේතු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඇය කාලයක් තිස්සේ දියවැඩියාව සඳහා සායනික ප්‍රතිකාර ලබාගෙන ඇති තැනත්තියක් වන අතර ගිලන් රථයක් මගින් රෝගියා තලාතුඔය රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන විටත් කාන්තාව ජීවිතක්ෂයට පත් වී සිටි බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.