27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු මහ මොළකරුගේ මස්සිනා හා බිරිඳ අත්අඩංගුවට

පාස්කු මහ මොළකරුගේ මස්සිනා හා බිරිඳ අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර 03ක කාලයක් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත මුදා හැර සිටි සහරාන් හෂීම් නැමැත්තාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කුලියාපිටිය – කටුපොත ප්‍රදේශයේ සිට මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණ සිටිය දී පොලිසිය විසින් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා සමඟ ඔහුගේ බිරිඳ ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් නැමැත්තාගේ බිරිඳ වන ෆාතිමා නමැත්තියගේ සහෝදරයකු බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

ලද බුද්ධි තොරතුරකට අනුව මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.