― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeNewsමන්නාරම ආපනශාලාවක පරිප්පු හොද්දේ හැකරැල්ලෙක්

මන්නාරම ආපනශාලාවක පරිප්පු හොද්දේ හැකරැල්ලෙක්

මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පාරිභෝගිකයෙකුට ඊයේ (09) උදෑසන ආහාරය සඳහා ලබා දුන් පරිප්පු හොද්දක හැකරැල්ලෙකු සිට ඇති අතර ඔහු ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ආපන ශාලවට සීල් තබා හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.

පාරිභෝගිකයා පවසන්නේ තමා පරාටා රොටී දෙකක් කෑම සඳහා ගත් පරිප්පු හොද්දේ සිටියදී මෙම හැකරැල්ලා හමු වූ බවයි.

එම පැමිණිල්ලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් කළ පරීක්ෂාවේදී එම ආපනශාලාවේ පොල්සම්බෝලයේ සිටි කෘමීන් කීප දෙනෙකුද හමුවී ඇති අතර මෙම සිද්ධියත් සමඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මන්නාරම හා පේසාලේ ප්‍රදේශවල පිහිටි සියලුම ආපනශාලා හා වෙළඳසැල් දැඩි පරීක්ෂාවට ලක් කර තිබේ.