30.6 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනවසරෙන් පතල් කැණීම් කළ 10ක් අත්අඩංගුවට

අනවසරෙන් පතල් කැණීම් කළ 10ක් අත්අඩංගුවට

මහා පරිමාණයෙන් අනවසර පතල් කැණීම් කරමින් සිටි පුද්ගලයින් දස දෙනෙකු කුරුවිට පැරඩයිස් වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

සැකකරුවන් සමඟ පතල් කැනීම් සඳහා යොදා ගන්නා උපකරණ ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය නිලධාරීන් කණ්ඩායමක් සහ ඇහැළියගොඩ මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ නිලධාරි කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී බලපත්‍ර නොමැතිව ස්වාභාවික පරිසරයට හානි ගෙන දෙමින් පතල් කැණීම් කරමින් සිටි රත්නපුර සහ කුරුවිට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 49 වයසේ පසුවන පුද්ගලයන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ඇහැළියගොඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී තිබෙනවා.