27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවුරුද්දට ගමේ යන්න විශේෂ ප්‍රවාහන සේවා

අවුරුද්දට ගමේ යන්න විශේෂ ප්‍රවාහන සේවා

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉදිපොළගේ පවසයි.

ඒ අනුව අප්‍රේල් මාසයේ රාත්‍රී 7.30ට කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියක් සවස 5.20ට බදුල්ල සිට‌ කොළඹ දක්වා දුම්රියක් විශේෂ දුම්රියන් ලෙස ධාවනයට එක් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම අප්‍රේල් 05 වැනිදා සිට දිනපතා උදෑසන 6.30 කොටුව සිට බදුල්ල දක්වා ධාවනය‌ට එක්කළ දුම්රිය හා බදුල්ල සිට කොටුව බලා උදෑසන 7.00 ට ධාවනය‌ට එක්කළ දුම්රිය අප්‍රේල් 17 දක්වාම දිනපතා ධාවනයට‌ එක්කර තිබීම විශේෂත්වයකි.

ඊට අමතරව අප්‍රේල් 15 හා 16 දින දෙකේම කොටුව සිට ගාල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය‌ට යොදවා ඇති අතර 16,17 දින දෙකේ ගාල්ල සිට කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය‌ට යොදවා ඇත.

මේ අතර අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක වේ.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඇතුළු තෝරාගත් ප්‍රධාන නගරවල සිට මෙම බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක ස්වරණහංස ප්‍රකාශ කළේය.

ලබන 18 වැනිදා දක්වා මේ බස් රථ සේවාව ක්‍රියාත්මකය.