― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදලයි ලාමා තුමන් සමාව ගනියි

දලයි ලාමා තුමන් සමාව ගනියි

ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කුඩා පිරිමි දරුවෙකුගේ දෙතොල් සිපගෙන ඔහුගේ දිව දිවෙන් බොන්නට කැමති දැයි ලාමා තුමා විසින් දරුවාගෙන් අසන අයුරු මේ දිනවල සමාජ මාධ්‍ය හරහා මහත් ආන්දෝලනාත්මක වීඩියෝවක් සංසරණය විය. එය බොහෝ දෙනාගේ විවේචනයටද ලක් විය.

මේ සම්බන්ධයෙනුයි දලායි ලාමා තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත්තේ.

බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් පෙන්වා දෙන්නේ එය අනුචිත ක්‍රියාවක් බවයි.