26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ ATM කාඩ්වලින් මුදල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ATM කාඩ්වලින් මුදල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ATM කාඩ්පත් යොදාගෙන මුදල් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන හා මහරගම පොලිස් ස්ථාන වෙත සිදුකරන ලද පැමිණිලි 50ක් සම්බන්ධව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් විමර්ශන සිදු කරනු ලැබූ අතර ඊයේ (10) ව්‍යාජ ATM කාඩ්පත් 15ක් සමඟ මෙම සඇකකරු අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 24ක් පමණ වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමි‍ණෙන පුද්ගලයන්ට මුදල් ලබා ගැනීමට සහාය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකයන් ලබාගෙන ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගෙන සැකකරු ළඟ තිබෙන ව්‍යාජ ATM කාඩ්පතක් සමඟ අදාළ පුද්ගලයාට ලබා දෙයි.

ඉන්පසු අදාළ පුද්ගලයාගේ නියම කාඩ්පත සැකකරු විසින් වංචනිකව භාවිතා කර මුදල් සොරකම් සිදුකර ඇතිබව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (11) නුගේගොඩ අධිකරණය ටවත ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර මිරිහාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.