26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඅයර්ලන්තය සමඟ පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

අයර්ලන්තය සමඟ පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැැවත්වෙන ටෙස්ට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා නම් කළ මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස් සහ කඩුලු රකින ක්‍රීඩකයින් ලෙසට නිශාන් මදුෂංක මෙන්ම සධීර සමරවික්‍රම ඇතුලත්.

රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, දුෂාන් හේමන්ත, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක 15 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතය නියෝජනය කරනවා.

නවසීලන්ත තරග සංචාරයේදී වැඩි කාර්ය භාර්යයක් ඉටු කිරීම හේතුවෙන් මෙම සංචිතයෙන් ලහිරු කුමාර සහ කසුන් රාජිත ඉවත් කළ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 16 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.