31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදියේ ගිලී අතුරුදන්වූ සිසුන් දෙදෙනාගේ සිරුරු සොයාගැනේ

දියේ ගිලී අතුරුදන්වූ සිසුන් දෙදෙනාගේ සිරුරු සොයාගැනේ

බලන්ගොඩ වලවේ ගඟේ වැලිහරනාව ජල පොම්පාගාරය ආසන්නයේදී දියනෑමට ගොස් අතුරුදන්වු සිසුන් දෙදෙනාගේ සිරුර හමුවී තිබේ.

බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ අද (12) දිනයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සිරුරු සොයාගත් බවය.

17 හැවිරිදි සිසුවෙක් සහ 15 හැවිරිදි සිසුවෙක් මෙම අනතුරට මුහුණ දී තිබුණි.

ඔවුන් බලන්ගොඩ ජාතික පාසලේ සහ බලන්ගොඩ සී.සී.දෙමළ විදුහලේ ඉගනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකි.

ඔවුන් ඊයේ (11) දියනෑමට ගොස් මෙම අනතුරට මුහුණදී තිබුණි.