27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රිකට් ආයතනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

ක්‍රිකට් ආයතනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන්. 2020 ජනවාරි මස 8 වන දිනට සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තුන්වන ඡේදය හා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(03) වන වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්ති යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහා මෙලෙස තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව කමිටුවේ නිලධාරීන්ට නිල වශයෙන් පත්වීම් භාර දීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී යි සිදු කරනු ලැබුවේ.

සනත් ජයසූරිය මහතා (කමිටු සභාපති)
ෆර්විස් මහරුෆ් මහතා (කමිටු සාමාජික)
කපිල විජේගුණවර්ධන මහතා (කමිටු සාමාජික)
චරිත් සේනානායක මහතා (කමිටු සාමාජික)
අසංත ද මැල් මහතා (කමිටු සාමාජික)