29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldචීනයේ පළමු H3N8 කුරුළු උණ මරණය වාර්තා වෙයි

චීනයේ පළමු H3N8 කුරුළු උණ මරණය වාර්තා වෙයි

H3N8 කුරුළු උණ හේතුවෙන් චීනයේ පළමු පුද්ගල මරණය වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු චීනයේ 56 හැවිරිදි කාන්තාවකට H3N8 කුරුළු උණ ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව පසුගියදා මියගොස් ඇති අතර එය කුරුළු උණ හේතුවෙන් එරට සිදු වූ පළමු මරණය ලෙස සැළකිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසවලදී චීනයේ අවස්ථා දෙකක දී කුරුළු උණෙහි සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කළද එම අවස්ථාවන්වල දී මිනිසුන් තුළින් එම රෝගය වාර්තා වී තිබුණේ නැහැ.

H3N8 ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු චීනයෙන් හඳුනාගෙන ඇති නමුත් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ චීන රජය විසින් සිය අධීක්ෂණ කටයුතු වේගවත් කිරීම හේතුවෙන් තවදුරටත් ආසාදන අවදානම අඩු අගයක් ගෙන ඇති බවයි.