29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිතුරාගේ කාමරය තුළදී පෙම්වතා 17 පෙම්වතියට කළ කැත වැඩේ

මිතුරාගේ කාමරය තුළදී පෙම්වතා 17 පෙම්වතියට කළ කැත වැඩේ

17 හැවිරිදි තම පෙම්වතියව නිරුවත් කර ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් රහස් ප්‍රදේශයට මිරිස් කුඩු ගසා තුවාල සිදුකළ පෙම්වතා ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ දිසා විනිසුරුවරයා ඊයේ (11) නියම කළේය.

මිනුවන්ගොඩ, හැලකන්දන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණ සැකකරුවෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර තරුණිය ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

දෙපාර්ශවයේම මවුපිය ඥාතීන් දැනුවත්ව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු යතුරුපැදියකින් පැමිණිලිකාරියව කමරාගොඩ ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් ඇති අතර එම නිවසේ කාමරයක් තුළදී පැමිණිලිකාරිය සැකකරුට නොදන්වා ගිය ගමනක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු එම නිවසේ කුස්සියේ තිබූ මිරිස්කුඩු දමා තිබූ බෝතලය රැගෙන විත් “උඹ කවදාවත් හැදෙන්නෙ නැහැ. ඇත්ත කියපන්” යැයි පවසා රහස් ප්‍රදේශයට මෙසේ මිරිස් කුඩු දමා ඇති බවට පැමිණිලිකාරිය ප්‍රකාශ ලබාදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.