― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට, අනිද්දා රට පුරා සුරාසැල් වැසේ

හෙට, අනිද්දා රට පුරා සුරාසැල් වැසේ

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නීති විරෝධි මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.

ලබන 31 වැනිදා දක්වා දීප ව්‍යාප්තව එම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව පවසන අතර 1913 විශේෂ දුරකතන අංකයට සුරා බදු වැරදි සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.