― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයාපනයේ ඇඹුල් කෙසෙල් ඩුබායි යයි

යාපනයේ ඇඹුල් කෙසෙල් ඩුබායි යයි

යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මේ මස 28 වැනිදා සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

යාපනයේ ඇඹුල් කෙසෙල් වගාවෙහි ගොවීන් 600ක් නිරතව සිටින අතර තවත් හෙක්ටෙයාර් 650ක් දක්වා එම වගාව ව්‍යාප්ත කිරීමට නියමිතය.

මීට අමතරව ඇඹුල් කෙසෙල් අපනයන කලාපයක් ඇඹිලිපිටිය හා හම්බන්තොට ආශ්‍රිතව මෙම වසර තුළ ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ. යාපනයේ කෙසෙල් අපනයනය මගින් සතිපතා මෙරටට ඩොලර් 40,000ක ආදායමක් ලැබීමට නියමිතය.

දැනට අප රටේ ඇඹුල් කෙසෙල් සඳහා විදේශ වෙළෙඳ පොලෙහි විශාල ඉල්ලුමක් පැවතියත් තවමත් අප රටේ ගොවීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වගා නොකරන බැවින් සමස්ත ඉල්ලුමට සාපේක්ෂව සැපයීමේ අපහසුතා පවතී.