― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවලින් සූදු ක්‍රීඩා කරමින් සිටි පුද්ගලයෙකු සහ එම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු කටුවන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුවන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කටුවන බින්තැන්න ප්‍රදේශයේ සූදු පොලක් ඊයේ (11) දින පොලිසිය වටලා ඇති අතර එහිදී යි ව්‍යාජ මුදල් නෝට්ටු යොදා ගනිමින් සූදු ක්‍රීඩා කළ අයෙකු අත්අඩංගුවට පත්ව ඇත්තේ.

එම සැකකරු සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 17ක් සොයාගෙන තිබෙනවා. ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කටුවන නගරයේදී යි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් මුද්‍රණයට යොදාගත් ස්කෑනර් යන්ත්‍රයක් සහ ලැප්ටොප් පරිගණකයක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනා කටුවන ප්‍රදේශයේම පදිංචි අවුරුචු 37 සහ 28 වයස්වල පසුවන දෙදෙනෙක්.

සැකකරුවන් අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් කටුවන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.