27 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසම්භාහන මධ්‍යස්ථානයක් තුළදී අයෙක් ජීවිතක්ෂයට

සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී අයෙක් ජීවිතක්ෂයට

කඳාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඳාන නාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පමණ විවාහක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

මොහු ඊයේ මධ්‍යම රාත්‍රියේ සම්භාහන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර අද අලුයම් කාලයේදී ඔහු සම්භාහන මධ්‍යස්ථානය තුළදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.