මේ වසරේ ලොව ධනවත්ම ආර්ථිකයන් හිමි ජී 20 රටවල් අතර දුර්වල ආර්ථිකයක් ඇති රටක් බවට එංගලන්තය පත්වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.
ඒ අනුව මේ වසරේ එක්සත් රාජධානියේ ආර්ථිකය සියයට දශම 3කින් හැකිලෙනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත්තේ.
කෙසේනමුත් ඊළඟ වසරේ එංගලන්ත ආර්ථිකය සියයට 1කින් වර්ධනය විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.