― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldඇමරිකාවේ ගොවිපළක ගින්නකින් ගවයන් 18000ක් මරුට

ඇමරිකාවේ ගොවිපළක ගින්නකින් ගවයන් 18000ක් මරුට

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සත්ව ගොවිපලක සිදුවූ පිපිරීමකින් පසුව හටගත් ගින්නකින් ගවයින් 18,000ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක මෙම ගොවිපලේ එක යන්ත්‍රයක සිදුවූ විදුලිය කාන්දුවකින් පසු මීතේන් වායුව බැහැර වීමෙන් පිපිරීම හටගත් බවයි මුලික පරීක්ෂණ වලින් හෙළිවී තිබෙන්නේ.

අනතුරින් එක් පුද්ගලයෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකර තිබෙනවා.

සෑම වසරකම ගොවිපලවල සතුන් සිය දහස් ගණනක් මරා දමන මෙවැනි ගිනි ගැනීම් වැළැක්වීම සඳහා එක්සත් ජනපද සත්ව ආරක්ෂණ කණ්ඩායම් පසුගිය සමයේ ඉල්ලීම් සිදු කර තිබුණා.

ගින්නෙන් සතුන් ආරක්ෂා කිරීම සඳහා රෙගුලාසි නොමැති අතර එවැනි ගොඩනැගිලි සඳහා ගිනි ආරක්ෂණ නීති අනුගමනය කර ඇත්තේ ප්‍රදේශ කිහිපයක් පමණක් බවයි වාර්තා වන්නේ.

2013 වසරේ දී එවැනි සිදුවීම් නිරීක්ෂණය කිරීම ආරම්භ කිරීමෙන් පසු ගවයින් සම්බන්ධ එක්සත් ජනපදයේ ඇති වූ විනාශකාරීම ගින්න මෙම ගින්නයි.

පසුගිය දශකය තුළ ගොවිපල සතුන් මිලියන 6.5 ක් පමණ එවැනි ගිනි ගැනීම්වලින් මිය ගොස් ඇති අතර එම සත්වයන්ගෙන් වැඩි දෙනෙකු කුකුළන්.