27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

පොළොන්නරුව එකේ ඇලේ දිය නෑමට ගිය මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ඊයේ රාත්‍රී 7.30ට පමණ යහළුවන් පිරිසක් සමග පරාක්‍රම සමුද්‍රයෙන් ජලය රැගෙන යන එකේ ඇලේ ගල් තඹරාව ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ රාත්‍රියේම ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ඇලේ ප්‍රධාන දොරටුව වසා සිදු කළ සෝදිසියකදී අද අලුයම 1ට පමණ අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර සොයා ගැණුනා.

මෘත ශරීරය පොළොන්නරුව රෝහලට යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.