29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලුත් අවුරුදු දා පියා නැසූ පුතා අත්අඩංගුවට

අලුත් අවුරුදු දා පියා නැසූ පුතා අත්අඩංගුවට

අලුත් අවුරුදු දා බෝතල් කටුවකින් ඇණ සිය පියා ඝාතනය කළ බවට සැකපිට ඔහුගේ පුතා අත්අඩංගුවට ගත් බව කහටරුප්ප පොලිසිය පවසනවා.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ බදුල්ල, කැන්දගොල්ල, දඹගස්ගොඩ පදිංචිව සිටි 56 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ (14) පස්වරු 7.00ට පමණ බීමතින් පැමිණ බිරිඳට උදැල්ලකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ දී පුතා විසින් එම උදලු පහර වළක්වා බෝතලයක් කඩා පියාට ඇණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී තුවාල ලැබූ එම පුද්ගලයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කහටරුප්ප පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.